බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් 23ක් මරුට...තවත් පිරිසක් අතුරුදන්.

Report
3Shares

බංග්ලාදේශයේ ඩකා අගනුවර සධාර්ගාත් ගංඟාධාර වරාය ආසන්නයේ අද සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

බංග්ලාදේශ ජීවිතාරක්ෂක කණ්ඩායම් ප්‍රකාශ කළේ, තවත් යාත්‍රාවක ගැටී දියේ ගිලුණු යාත්‍රාවෙන් මළ සිරුරු 23ක් ඉවත් කර ගත් බවයි.

අනතුරට ලක්වූ යාත්‍රාවේ පුද්ගලයන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයේ පොදු ප්‍රවාහන සේවාවක් වූ මගී යාත්‍රා අනතුරට ලක්වීමේ සිද්ධීන් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.

ආරක්ෂක ප්‍රමිතීන් දුර්වල වීම සහ ප්‍රමාණය ඉක්මවා මගීන් පැටවීම එවැනි අනතුරුවලට මූලික හේතුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.