ත්‍රස්තප්‍රහාරයක්...ගුරුවරයකුගේ හිසගසා දමයි...

Report
5Shares

පැරිස් නගරාසන්නයේදී ඉතිහාස ගුරුවරයෙකු හිස ගසා මරාදැමීමේ සිද්ධිය ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගිය සිකුරාදා දිවා කාලයේදී සිදුව තිබූ මෙම අවාසනාවන්ත ඝාතනයට ලක්ව තිබුණේ සැමුවෙල් පැටි නම් ගුරුවරයෙකි.

ඔහු මේ මස මුලදී අනාගත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ ප්‍රජා පන්තියකදී මුහම්මද් නබිතුමාගේ කාටූනයක් තම සිසුන්ට පෙන්වා තිබීම පාසලෙන් පිටතදී ඔහු මෙම ම්ලේච්ඡ ඉරණමට ලක්වීමට හේතු වී ඇති බව පොලීසිය විශ්වාස කරයි. මෙම සිද්ධියෙන් පසුව මුස්ලිම් දෙමවුපියන් ගණනාවක් කෝපයට පත්ව සිට ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් 47 හැවිරිදි ඉතිහාස ගුරුවරයා ඝාතනය කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුගේ ඥාතීන් සිව්දෙනෙකු, බාල වයස්කරුවෙකුද සිටින බව පොලීසිය පවසයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් මෙම ඝාතනය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දුන්නේය.