රටටම හදිසි තත්ත්වයක් - රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය...පේද්‍රෝ සාන්චෙස් නියෝග කරයි

Report
202Shares

නව කොරෝනා වෛරසයේ නැගිටීම හමුවේ ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින්, කොවිඩ්-19 ආසාදනවල නව වැඩිවීම පාලනය සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා තිබේ.

අග්‍රාමාත්‍ය පේද්‍රෝ සාන්චෙස් පැවසුවේ ඉරිදා දිනයේ සිට රාත්‍රී 11.00 සිට උදෑසන 06.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

හදිසි පියවර යටතේ පළාත් පාලන ආයතනවලට කලාප අතර ගමන් තහනම් කළ හැකි බව සාන්චෙස් අවධාරණය කළේය.

නව නීතිරීති මුලින් දින 15ක් සිට ඉදිරි මාස 06ක් දක්වා දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

මෙම වසර මුලදී වසංගතයේ පළමු වැනි රැල්ල අතරතුර ස්පාඤ්ඤයට දැඩි බලපෑමක් එල්ල වූ අතර වඩාත් සීමාසහිත අගුලු දැමීමක් එවර සිදුවිය.

කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ යුරෝපීය කලාප මෙන්, එය දෙවැනි ආසාදන රැල්ලකට ගොදුරු වී ඇති අතර, ඇතැම් අවස්ථාවල මෙය තෙවැනි රැල්ලක් ලෙසටද හැඳින ගැනෙයි.